සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Friday, March 17, 2017

ගුරුතුමාගේ වැහි මතකය

ඔව්
අතීතයේ එක ලස්සන දවසක කැම්පස් පාරේ එක කුඩයක් යට
 අපිගිය හැටි මට සිහියට එනවා
මේ මල් වැසි වැටෙනා හැම මෙහොතේම
ඒ මල් පාරේ ලෙක්චර් නිම වී
අලුත් පෙම්වතුන් යනෙනා දුටුවිට
සිව් රිය සක තුල පාළුව එනවා
නුබ ගැන සිහි වී
බොද මී දුම් මැද ............................
නුබ වැනි මා වැනි තවත් චරිත මැද
දහසක් මැද තනි දේශන දෙන සද
දිවිල්ගනේ කියූ බෙලිහුල් ඔය ගැන
මට සිහි වෙනවා
මල් සියොතුන් මැද .........
කෙලෙස කියන්නද
යලි හමු වෙන්නද
ආයේ මුලට ගොස් නැවතුන තැන සිට
බලා සිටිනවා මගේ තනි යටි සිත
මැදිවිය නික්මී යයි අප පසුකර .......
අප දෙදෙනා යලි ගිය හොත්  මේ මග
ඔවුන් කියනු ඇත
සරුත් බැද ඇත ..............

Friday, March 10, 2017

ඉතිහාස පොත

















අසුවේ වර්ජනයට අහුවෙලා 
තාත්තා අම්පාරට මාරු කලවිට 
අපේ තනියට ගෙදර ආපු........
මාතරට අස්ස්කෝච්චි ආපු හැටි 
හැත්ත එකේ චේගුවේරා කාරයෝ 
රට අල්ලන්න ආපු හැටි 
සටිපට්ටනෙයි තව බන පොතුයි 
අපිට අල්ලන නොදී 
ඒ කතා විතරක් කියූ .....................
කිරිමැටිමුල්ලේ දිස්පෙන්සරියට 
පානුයි සිනි යි කවා ගෙන 
පණු බෙහෙත් බොන්නට 
සෙනසුරාදා උදේ රැගෙන ගිය 
බිඩී වැඩ පොළ ලග ගෙදරකින් 
වතුර ඉල්ලා දුන් ....
නංගි අඩනකොට 
ටික දුරක් වඩා ගෙන ගොස් 
බිමින් තියා හති ඇරපු 
ඕලෙවල් ප්‍රතිඑල අසා 
මා නලල සිබ සතුටු වූ 
කවරදාකවත් අමතක නොවන 
ඉතිහාස පොත 
ආත්තම්මා ..............................

Saturday, February 4, 2017

පෙබරවාරි 4 වෙනිදා


මෝඩකම් අමනකම්
බූරු වැඩ වලින් යුත්
බඩ ගැන හිතලා
කල පාව දීම්
සියල්ල මැදින්
සුද්දා  බන්දේසියේ තියල දුන්න
අපට නැති උන්ට ගත්ත
සුරාකන්න
පාලනය  කරන්න
විකුනන්න
නැවිලා වැදලා ගනිපු
සමරනවා හොරු රැල
අතිමහත් උත්කර්ශවත් අන්දමින්
අපිවත් අන්දමින්

Monday, January 23, 2017

උලුක්කුලමේ පුංචි මතකය















වෙඩි හඩ මැදින් 
දුම්රොටු පුළුටු ගදින්
වැසි පැවතුන ඒ අතීතයේ 
උලුක්කුලම මැටි පාරේ 
අපේ  ගෙදර ලග වැට  මායිමේ 
මා සොයා ආ පුංචි දේවිකා 
ඔයා කොහේද ගියේ 
රෝස පාට තට්ට බෝනික්කා 
කෝම්පිට්ටු පොල්කටු 
තාම මතකයි හීනයක් වගේ 
ඔයා ආවා මගේ යාළුවේ 
යුද්දේ දරුණු වුන නිසා 
අම්මා තාත්ත එක්ක 
මං ගියා අනුරපුරට 
මාළු විකුනපු ඔයාගේ තාත්තා 
කොටි මරුවලු ..
ඔයත් මැරුණා කොටි අතින් 
හිත අඩනවා තාම මගේ 
සුදු පරවියෝ පියාබන 
කොවුල් හඩ නගන 
දෙදාස් පහළොවේ බක් මාසේ 
මම අවා උලුක්කුලමට ...........
ඔයා හිටිය නෑ 
කාටවත් මතක නෑ අනේ ඔයාව 
මට මතකයි තාම 
සමුද්‍රා අක්කා ඇඩුව මම අදුනගෙන 
අනේ ඔයා හිටියානම් මට ................

Saturday, January 21, 2017

අතීත කාල සැමරුම



තෙල් ඩිංගක් මතුරපු 
මොහොට්ටි සීයාද 
හයහමාරේ ප්‍රවෘත්ති අහපු 
වඩු මුත්තාද ................
වන්ගුවේ බුලත් ඒදන ගිමාර අක්කාද 
නිහඩව පර බලනා හින්නි මහතාද 
කඩේ බඩු කිරනා ඩිංගි මහතාද 
තුන්මුල්ලේ රෙදි මහපු හිච්චි මහතාද 
ගතේ අමාරුවට බෙහෙත් දෙන වේද මහතා ද 
හිතේ අමාරුවක් වුනෝත් 
බෙහෙත් දෙන බාල මහතාද 
කොන්ඩෙ කපන සිප්පු අය්යා ද 
රේස් කඩේ රත්නේ මහතා නැති 
නවීකරනය කෙමෙන් ගිල ගන්නා 
බට තුබේ හන්දිය ................

Thursday, January 19, 2017

සයිටම් විලාපය














වෙනුර අය්යේ ,
මේ අය නැගිට්ටේ පරක්කුවෙලා
අසමගියේන්  ,අවිස්වාශයෙ න්
ඇස්  නිලංකාර කරගෙන
සිවිල් සමාජයේ පොර හීන
බැලුවා ...............................
වැඩේ වැරදෙන බව දැක්කාම
ඔයාලා මතක් වුනා .....
ටච් පොන්,ෆේස්බුක් ලෝකයේ
මංමුලා වුන කට්ටියට
බඩේ පාර වදිනවා දැනුනහම
කොමන් රූම් වල කැන්ටින් වල
මුල්ලට දමල තිබුන
ත්‍රිමලා ,වෙනුරලා ,මතක් වුනා
අලුතෙන් ප්‍රේම් ගහල විදුරු
දමන්න මතක් වුනා
දැන් වැඩේ අනාගෙන නානවා
නුබලා හෙලු ලේ කදුළු
නොතිබෙන්න ඇපත් නැහැ .............

Sunday, January 1, 2017

වනන්තරේ නිරන්තරේ ............



කලේ කපනකොට නිදියපු බලධාරියොයි
කපන්න සපොට්කරපු දෙසපාලුවොයි
උන්ට කතිරේ ගහපු මෝඩ මහා ජනතාවයි
කැලේ කපන්නේ තම්බියද ,දෙමළද ,සින්හලයද
හොයා හොයා ඉන්න ජාතිවාදී හොරුයි !
විල්පත්තුව ,සිංහරාජය ,කුමන ,වස්ගමුව
අහලවත් නැති නගරේ ඉන්න හාල් පාරුවොයි
අවංකව කැලේ  කපනවට විරුද්ධ
මිනිස්සුයි !
ඔක්කොම පිටකරන කාබන් ඩයොක්සයිඩ්
උරාගෙන ඔක්සිජන් බෙදා දෙනවා
වනාන්තරය........................


Saturday, December 10, 2016

කනෙක්ෂන්

ඉමෝ ,වට්ස් ඇප් ,වයිබර්
ඩබල් සිම් නේක  කනෙක්ෂන්
පෝනයක හිමි .............
සියලු සබදතා අතහැර
හතර වරිගයම නිවන් දක්කවන්නට
සාසනයට  පැමිණි පුජ්‍ය හිමි .........
හමුවනා බස් නැවතුමේදී
විමසුවෙමි පැමිණි සුවද ගැන
පැවසුවා එහිමි සිල් සුවද බව
අදයි දන්නේ සිල් සුවද
සමාන බව බ්ලැක් නයිට් සුවදට....
.... 

Saturday, November 19, 2016

මිතුරු හවුල



කාර්යාලයට හොර බිල් දමා පිල්ලි ගහන 
ගන්කධිකාරී මහතාද ,
ඉස්පිරිතාලේ බෙහෙත් උස්සලා ෆාමසියට විකුනන 
ඖෂධවේදියා ද ,
ළමයි ගන්න අත යට ගාන ඉල්ලන 
ගරු විදුහල්පති තුමාද ,
කට්ටි පැනලා දිස්පෙන්සරියට එන 
දොස්තර මහතාද ,
කොන්ත්‍රත් කරුවන්ගෙන් අනුමැතියට සල්ලි ගන්න 
ඉංජිනේරු මහතාද ,
මිතුරු හවුලේදී රහ මෙර බොමින් ,
අර්ජුණ මහේන්ද්‍රන්ට අම්බානක බැන
හදුන්නෙත්තිගේ ගුණ ගයා 
සතුටින් විසිර ගියහ........................... 

Monday, November 14, 2016

ඉල්



පුතේ වාරූ තිබෙනව තව සිත        ගාව

නුබේ රුව මැවී පෙනෙනව       හැමදාම

නුබේ මතකයන් අරගෙන හැම වසරේම     

ඉල් සැමරුමට මම යනවා පෙර    සේම

තප්පර පැය වෙලා කාලය ගෙවිලා    ගියා

නුබෙ මතකයන් මට පමනක් ඉතුරු  වුනා

සැගවුන මතකයන් එක්වී රොද    බැදෙනා

මෙ වැහි ඉල් මහේ නෙතු කදුලින් තෙමුනා


ඈත ගම් නියම් අහුකොන        නිරන්තරේ

නුබ වැනි තවත් මල් පිපෙනව  නිරන්තරේ.

එක් කොට සුවද වත් කෙරුමට  මිනිස්පුරේ

නුබ වැනි එවුන් දහසක් ඉල් මස     සැමරේ