සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Friday, March 10, 2017

ඉතිහාස පොත

















අසුවේ වර්ජනයට අහුවෙලා 
තාත්තා අම්පාරට මාරු කලවිට 
අපේ තනියට ගෙදර ආපු........
මාතරට අස්ස්කෝච්චි ආපු හැටි 
හැත්ත එකේ චේගුවේරා කාරයෝ 
රට අල්ලන්න ආපු හැටි 
සටිපට්ටනෙයි තව බන පොතුයි 
අපිට අල්ලන නොදී 
ඒ කතා විතරක් කියූ .....................
කිරිමැටිමුල්ලේ දිස්පෙන්සරියට 
පානුයි සිනි යි කවා ගෙන 
පණු බෙහෙත් බොන්නට 
සෙනසුරාදා උදේ රැගෙන ගිය 
බිඩී වැඩ පොළ ලග ගෙදරකින් 
වතුර ඉල්ලා දුන් ....
නංගි අඩනකොට 
ටික දුරක් වඩා ගෙන ගොස් 
බිමින් තියා හති ඇරපු 
ඕලෙවල් ප්‍රතිඑල අසා 
මා නලල සිබ සතුටු වූ 
කවරදාකවත් අමතක නොවන 
ඉතිහාස පොත 
ආත්තම්මා ..............................

3 comments:

  1. ආදරනීය සටහනක්!! මට අපේ ආච්චි ගැන තියෙන්නේ පුදුමාකාර මතකයක්. ඇය කොහේ හෝ සිට මා දිහා බලන් ඉන්නා බවනම්, මෙලෝ දෙයක් විශ්වාස නොකරන මට, සක් සුදක්සේ විශ්වාසයි. ඇය එතරම්ම සුන්දරයි..එතරම්ම විශ්වාසනීයයි. ඩෝරා මර්ශියා මොරායස් නම්වු ඒ උතුම් ගැහැනිය නැවත මෙලොවට නො එන බවත් මට විශ්වාසයි. ආච්චියේ අපි ඔබට එදා මෙන්ම, අදටත්, හෙටටත් ආදරෙයි.

    මේ ලියන මම වයස පනහකටත් වඩා එහා ගිය මුණුබුරෙක්.

    ReplyDelete
  2. ආපහු කියෙව්වා. ආපහු ඇඬුවා. අපේ ආච්චි අපේ අම්මගේ අම්මා. අපේ තාත්තගෙ සියලු දේශපාලන වැඩ ඉවසගෙන අම්මයි අපියි එක්ක හිටියා. අපේ තාත්තාට බැනබැන ආදරේ කරා. ආච්චිගේ ලෙඩ දුක් කාලේ කැත කුණු සියල්ල කරේ අපේ තාත්තා. මේ බ්ලොග් එකේ කමෙන්ට්ස් මොඩරේට් කරන එක විවෘත කරන්න. ඒක ඔබේ වැඩක්. මේක යෝජනාවක් විතරයි. හැකි වෙලාවක මගේ වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එක කියවන්න. මම බොහෝ දේ ලියා ඇති.

    ReplyDelete
  3. අරුණ සහෝදරයා මට පුදුම දුකක් ඇතිවුනා ඔයාගේ කතාව් ඇහුවම ,අම්මා වගේම ආදරණිය මතකයක් තමයි අත්තම්මා මමත් ඔයාට වඩා අවුරුදු 10 බාල කෙනෙක් අපි වයසට ගියත් තවමත් අපි ඒ වැඩිහියන්ගේ කුඩා දරුවන් තමයි.ඔබේ පියා ඔබට ලබා දී ඇති ආදර්ශය උතුම් මම ඒ පියාණන්ට හිස නමා ආචාර කරනවා අද දෙමවුපියන් වැඩි හිටි නිවාසවල දමා යන කාලේ එහෙම දරුවෝ ගැන කතා කරන එක වටිනවා .මා වෙතට අදහස් පල කිරීම ගැන ඔබට නොවක් තුති පුදමි .

    ReplyDelete